ලංකාව තුල පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පවතිනව. මේ වෙනකොට දිනකට පිලිකාරෝගීන් 100ක් පමණ අලුතින් හඳුනාගන්නව. ඔවුන්ගෙන් වැඩිම පිරිසකට සේවාව සපයන්නෙ මහරගම අපේක්ෂා රෝහලෙන්. පිළිකා රෝගීන් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලය කරමින් ඉන්නේ ලොකු සටනක්. ඉතින් ඔයාටත් පුලුවන්නම් ඔවුන්ට උදව්වක් කරන්න ඒක ලොකු උපකාරයක්. මේ ලිපියෙන් අපි කතා කරන්නෙ ඔවුන්ට අවශ්‍ය මොනවද?, නිල වශයෙන් ඔවුන්ට මේ සහය ලබාදෙන්නෙ කොහොමද කියන තොරතුරු ගැනයි.
අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් කී දෙනෙකුට සේවාවන් සපයනවද?
ප්‍රධාන පිළිකා රෝහල විදිහට වසරකට රෝගීන් 70,000 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ගන්නව. සායන මගින් රෝගීන් 260,000 (එකම රෝගියා කිහිප වාරයක් පැමිණෙනවා) දෙනෙකුට පමණ සේවාවන් සපයනවා. ශ්‍යල්යකර්ම 12, 000 පමණ වසරකට සිදුකරනව.
ඔවුන්ට අවශ්‍ය මොන වගේ දේවල්ද?
ඔවුන්ට අවශ්‍ය දේ විවිධයි. එය අවස්ථාව අනුව වෙනස් වෙනව. ශල්‍ය උපකරණ, ඖෂධ වර්ග ආදිය, වියලි අහාර, උදේ හෝ දිවා ආහාරවේල සැපයීම . තැඹිලි, කැඳ ,සුප් ආදිය සැපයීම කරන්න පුළුවන්. මීට අමතරව ආගමික වැඩසටහන් සංවිධනය කිරීම අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වගේ දෙයක් කරන්නත් පුළුවන්. මේ පිළිබඳව තොරතුරු රෝහලේ වෙබ් අඩවියට පිවිසීමනුත් ලබාගන්න පුළුවන්. වඩාම හොඳ දේ තමයි ලබා දෙනදේ තීරණය කරන්න පෙර රෝහලේ නියෝජිතයින් සමග නිලවශයෙන් කතා කරන එක. එවිට වඩාත් ප්‍රයෝජනවත් දේ ලබා දෙන්න පුළුවන්,
මේ පිළිබඳව විස්තර දැනගන්න කාටද කතා කරන්න ඕනැ ?
කිසිම වෙලාවක තුන්වන පාර්ශවයන් හරහා මෙම කටයුත්ත කරන්න යන්න එපා. රෝහල මගින් නිල දුරකථන අංක සහ නිළධාරීන් හඳුන්වල දීල තියෙනවා. ඔවුන්ගෙ වෙබ් අඩවියෙත් මෙම තොරතුරු තියෙනව.
රෝහලේ ප්‍රධාන දුරකතන අංකය 0112850252 / 0112850253
email : donationunit@gmail.com
- ඖෂධ ශල්‍ය සහ උපකරණ:
දුරකතන අංකය: 0112850252 දිගු අංකය :1629 හෝ 0777468503 අමතන්න
- වියලි ආහාර
ලබා දියයුතු ස්ථානය: ප්‍රධාන හෙඳ නිලධාරිනී, පෝෂණ ඒකකය දෙවන මහල සායන ගොඩනැගිල්ල
දුරකතන අංකය: 0112850252 දිගු අංකය :1495 හෝ 0706229449 මතන්න
- උදේ ආහාරය, දිවා ආහාරය, තැඹිලි, සුප්, කැඳ
කාමර අංක 333 , රෝහල් කාර්යාලය, තුන්වන මහල, සායන ගොඩනැගිල්ල
දුරකතන අංකය: 0112850252 දිගු අංකය :1637
- ආගමික වැඩසටහන්
තොරතුරු ඒකකය
දුරකතන අංකය: 0112850252 දිගු අංකය :1200
- අධ්‍යාපනික වැඩසටහන්
සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය
දුරකතන අංකය: 0112850252 දිගු අංකය :1571
References
National Cancer Institute Sri Lanka. https://www.ncisl.health.gov.lk/?page_id=84
NCCP. 2023. National cancer registry Sri Lanka, cancer incidence data. National Cancer Control Programme, Sri Lanka. Available from: https://www.nccp.health.gov.lk/en/incedenceData

Comments
Post a Comment